'Techno - 2014' ජාතික ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනය අද (10දා) සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය 29 වැනි වරටත් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන අතර, 1906 වසරේදී ආරම්භ කර ඇති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මෙරට ඉංජිනේරු ක්ෂේත්රයට අදාළ වෘත්තීය අධ්‍යාපනය නංවාලීම උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඊට අමතරව ඉංජිනේරු හා තාක්ෂණික ක්ෂේත්රයන්හි උන්නතිය උදෙසා විවිධ වැඩසටහන් ද ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාවට නංවනු ලබයි.
ඉංජිනේරු හා තාක්ෂණික අංශයන්හි ප්‍රදර්ශන කුටි 269 කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වන අතර අද (10දා) සිට 12දා දක්වා පෙ.ව. 9.00 සිට රාත්‍රී 8.00 දක්වා 'Techno - 2014' ජාතික ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනය විවෘතව පවතින බව කියයි.