ශ්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ සංවිධානයෙන් දකුණු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසයකයන් සඳහා පවත්වනු ලබන වෙළෙඳ පොළ සම්බන්ධීකරණ වැඩසටහන, වෙළෙඳ සල්පිල හා ප්‍රදර්ශනය හෙට (24දා) අම්බලන්තොටදී ආරම්භ වීමට නියමිතය.
දකුණු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගන්වා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දකුණු පළාත මගින් ලබාදෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් ප්‍රා‘දේශීය කාර්යාලය මගින් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකාරවරයා පවසයි.
මෙහිදී, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම සහ ප්‍ර‘දේශයේ ආයෝජකයන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් පවත්වනු ලබන වැඩසටහන්වලට අමතරව, එම ව්‍යවසායකයන් මුහුණදෙන ප්‍රධානතම දුෂ්කරතාව වන තම නිෂ්පාදන අලෙවිය සඳහා වෙළෙඳ පොළක් නොමැතිවීමේ ගැටලුවට පිළියමක් වශයෙන් ගැනුම්කරුවන් හා අලෙවිකරුවන් එකම තැනකදී මුණගස්වන වෙළෙඳ පොළ සම්බන්ධීකරණ වැඩසටහන්ද පවත්වන බව ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව, මෙවැනි වෙළෙඳ පොළ සම්බන්ධීකරණ වැඩසටහන් 5ක් ඔවුන් පසුගිය වසර 3ක කාලයක් තුළ මාතර දිස්ත්‍රික්කයේ ඉතා සාර්ථකව පැවැත්වූ බවත්, එම අත්දැකීම් උපයෝගී කරගනිමින් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ප්‍රථම වරට වෙළෙඳ පොළ සම්බන්ධීකරණ වැඩසටහනක් හා අලෙවි ප්‍රදර්ශනයක් හෙට (24දා) සහ අනිද්දා (25දා) යන දෙදින තුළ පෙ.ව.09.00 සිට ප.ව. 08.00 දක්වා අම්බලන්තොට ප්‍රා‘දේශීය සභාවට අයත්, අම්බලන්තොට බස් නැවතුම්පළ ඉදිරිපිට ඇති භූමිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙම ප්‍රදර්ශනය සඳහා දකුණු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය, අත්කම් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, රෙදිපිළි/බතික්, මල් සහ විසිතුරු පැළ, මැටි ආශ්රිත නිෂ්පාදන, පාවහන හා බෑග් සම්භාණ්ඩ, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ආදී විවිධ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ප්‍රදර්ශනය ඉහත දෙදින පුරා මහජනතාවටද විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය වැඩිදුරටත් පවසයි.