ශ්රී ලංකන් ගුවන් සමාගම ශ්රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන ලද 2014 SLITAD සම්මාන උළෙලේදී “පුද්ගල සංවර්ධනය” උදෙසා රන් සම්මානයකින් පිදුම් ලබා තිබේ.
මෙම උත්සවයේ මූලික අරමුණක් වී ඇත්තේ පුද්ගල සංවර්ධනයේ විශිෂ්ටයන් හදුනාගැනීම සහ ඔවුන් හා එක්ව කටයුතු කිරීම තුළින් ඔවුන්ගේ සුවිශේෂි ජයග්රහණයන් මානව සම්පත් සංවර්ධනය සඳහා යොදා ගැනීමය.
මෙම සම්මානය සඳහා ප්රමුඛ ආයතන වන ජනශක්ති රක්ෂණ සංස්ථාව, ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව, යූනියන් ඇෂුවරන්ස්, වටවල වැවිලි සමාගම, DIMO , MAS Linea Aqua යනාදී සමාගම් ශ්රී ලංකන් ගුවන් සමාගම හා එක්ව මෙම සම්මාන උළෙලට සහභාගී වී තිබේ.