SLIM NASCO විශිෂ්ටතම අලෙවි වෘත්තිකයන් ඇගයේ
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරනලද 2017 ජාතික අලෙවි සම්මාන උලෙළ (SLIM NASCO 2017) සාර්ථකව නිමාවට පත්විය. SLIM NASCO ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් පිරිසක් සම්මාන සඳහා අයදුම්කර තිබූ මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වූයේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්යක්ෂ, එහි ප්‍රධාන විධායක නිලධාරි ආර්. රෙන්ගනාදන් මහතා ය. මේ අතර ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ හිටපු සභාපති මහේන් පෙරේරා මහතා විශේෂ ආරාධිතයා ලෙස එම සැඳෑවට එක්ව සිටියහ.
ඔවුන් විසින් ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනැමීම සිදුකළ අතර අලෙවි විධායක (Executive) කාණ්ඩය යටතේ නේෂන් ට්‍රස්ට් බැංකුවේ අමල් බුලත්සිංහල, (Front Liner) ඇස්ටන් සමාගමේ ලසන්ත පුෂ්පකුමාර, ප්‍රාදේශීය කළමනාකරණ (Territory) කාණ්ඩය යටතේ සියම් සීටි සිමෙන්ති සමාගමේ සෆීකාන් සිද්දික් හා හොඳම කාන්තා අලෙවිකාරිනිය ලෙස පවර් හවුස් හි නටාලී සමරසිංහ සමස්ත සම්මාන උලෙළෙහි ජයග්‍රාහකයන්ගේ ලැයිස්තුවට තම නම ඉහළින්ම ඇතුලත් කර ගැනුමට සමත්ව තිබුණි.
මෙම වසරේ SLIM NASCO සම්මාන උලෙළ සඳහා වාර්තාගත අයදුම්පත් 550කට වැඩි සංඛ්‍යාවක් කර්මාන්ත අංශ 22ක් නියෝජනය කරමින් පාරිභෝගික සේවා නිලධාරීන්, විධායකයන්, සුපරීක්ෂකයන් හා ප්‍රාදේශීය කළමනාකරුවන් විසින් ඉදිරිපත් කර තිබුණි. සමස්තයක් ලෙස සමාගම් 96ක් මෙවර සම්මාන උලෙළ සඳහා එක්ව සිටි අතර ඒ අතරින් සමාගම් 12ක් NASCO සමග එක්ව සිටියේ පළමු වතාවටය. එය පෙර වසරට සාපේක්ෂව මෙම සම්මාන උලෙළ හිමිකරගෙන ඇති ප්‍රගතිය පෙන්වන සාක්ෂියක් බඳු විය.
SLIM NASCO 2017 පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති කාර්තික් ඉලන්ගෝවන් මහතා පවසා සිටියේ, "2017 SLIM NASCO සම්මාන උලෙළේදී ජයග්‍රාහකයන් බවට පත් වූ සියලු දෙනා වෙත ප්‍රථමයෙන්ම සුභාශිංසන එක්කිරීමට මා කැමතියි. ලබන වසරේදී අලෙවිකරුවන් සඳහා, ජාතික අලෙවි කළමනාකරු, අධ්යක්ෂ වැනි වැඩි සම්මාන ප්‍රමාණයක් පිරිනැමීම සඳහා අප සැලසුම් කරනවා. එය තවදුරටත් අපේ විෂය පථය හා අලෙවිකරණයේ වෘත්තියමය භාවය පුළුල් කරනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා." යනුවෙනි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති සුරන්ජිත් සුවාරිස්, SLIM NASCO ව්‍යාපෘති සභාපති මන්තික රණසිංහ යන මහත්වරුන්ද මෙම සම්මාන උලෙළෙහි වැදගත්කම පැහැදිලි කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




