ආසියානු ප්‍රදර්ශන හා සම්මේලන (පෞද්.) සමාගම 10 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය ලෙස සැලකෙන Seylan Colombo Motor Show 2017, අගෝස්තු 18 සිට 20දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
බැංකු ක්ෂේත්රයේ දිගු කාලයක් පුරා තම කීර්තිනාමය පතුරවන සෙලාන් බැංකුව, තම නව්‍යකරණ බැංකු විසඳුම් හා පුළුල් ලීසිං පහසුකම් රැසක් සමගින් අඛණ්ඩව තෙවැනි වරටත් Seylan Colombo Motor Show 2017 සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා හා නිල බැංකුකරු වශයෙන් කටයුතු කරයි.
‘Seylan Colombo Motor Show 2017 මෝටර් රථ ක්ෂේත්රය පිළිබඳව හා එහි වේගවත් ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ වේදිකාවක් වනු ඇති බව ඔවුහු පවසති. පසුගිය වසරේ ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විතව පැවති Seylan Colombo Motor Show 2016 ප්‍රදර්ශනය ඉතා විශිෂ්ඨ සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබූ බවත්, දේශීය කර්මාන්ත ක්ෂේත්රයට අදාළව ජාත්‍යන්තරව පිළිගත් ක්ෂේත්රයේ ප්‍රමුඛයන් රැසක් එම ප්‍රදර්ශනය සඳහා ආකර්ෂණය වූ බවත් ඔවුහු පවසති.
ප්‍රදර්ශනය පැවැත්වෙන දින තුන පුරා පෙ.ව.10.00 සිට රාත්‍රී 10.00 දක්වා මහජනතාවට විවෘත වන ප්‍රදර්ශනය වෙතින් නවතම මෝටර් රථ, Off Road/SUV රථ, වාහන මොඩිෆිකේෂන් හා එම ආයතන, යතුරුපැදි හා ත්‍රිරෝද රථ, වාහන සඳහා මූල්‍ය හා රක්ෂණ පහසුකම්, වාහන අමතර කොටස් හා සේවා, යතුරුපැදි හා මෝටර් රථ ස්ටන්ට් ආදී වශයෙන් රථ වාහන සම්බන්ධ බොහෝ තොරතුරු ලබාගැනීමට එය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් වෙත අවස්ථාව හිමිවනු ඇත.
එමෙන්ම, සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන් සඳහා එම ස්ථානයේදීම ලීසිං පහසුකම් සැපයීම සඳහා සූදානමින් සිටී. මීට අමතරව සෙලාන් බැංකුව වාහන අලෙවිකරුවන් සහ අලෙවි නියෝජිතයන් සමග අත්වැල් බැඳගනිමින් නවීනතම මාදිලියේ වාහන සඳහා විශේෂ පොලී අනුපාත හා නම්‍යශීලී ආපසු ගෙවීම් සැලසුම් යටතේ ආකර්ශණීය ලීසිං පැකේජ පිරිනැමීමට කටයුතු කරනු ඇති බවද එම බැංකුව සඳහන් කරයි.
මෙවර ප්‍රදර්ශනයේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි.