S & P Dow Jones Indices විසින් 2013 වර්ෂය සඳහා කරනු ලැබූ දර්ශක සමාලෝචනයට අනුව 'S & P ශ්‍රී ලංකා 20' දර්ශකයට අදාළව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පෙන්වාදෙයි.
23වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 'S & P ශ්‍රී ලංකා 20' දර්ශකයට ඇතුළත්වීම සඳහා අදාළ වන සුදුසුකම් පූරණය කිරීමට නොහැකිවීම මත ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. හා එයිට්කන් ස්පෙන්ස් හොටෙල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී. යන සමාගම් ඉන් ඉවත් වී ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි පී.එල්.සී. හා ද ලයන් බ_වරි සිලෝන් පී.එල්.සී. යන සමාගම් දර්ශකය සඳහා සලකා බැලෙන සමාගම් අතරට අලුතින් ඇතුළත් වන බව S & P Dow Jones Indices නිවේදනය කර සිටියි.
S & P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයෙහි 2013 දෙසැම්බර් 23 දින සිට අදාළ වන කොටස් සමූහයන්
-
එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී.
-
ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පී.එල්.සී.
-
බුකිට් ඩාරා පී.එල්.සී.
-
කාර්ගිල්ස් සිලෝන් පී.එල්.සී.
-
කාර්සන්ස් කම්බර්බැච් පී.එල්.සී.
-
සිලෝන් ටුබැකෝ කම්පැනි පී.එල්.සී.
-
චෙව්ර්න් ලුබ්රිකන්ට්ස් පී.එල්.සී.
-
කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී.එල්.සී.
-
සී.ටී. හෝල්ඩින්ස් පී.එල්.සී.
-
ඩී.එෆ්.සී.සී. බෑන්ක් පී.එල්.සී.
-
ඩයලොග් අක්සියාටා පී.එල්.සී.
-
ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පී.එල්.සී.
-
හැටන් නැෂනල් බෑන්ක් පී.එල්.සී.
-
හේලීස් පී.එල්.සී.
-
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී.
-
ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි පී.එල්.සී.
-
ද ලයන් බ_වරී සිලෝන් පී.එල්.සී.
-
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී.
-
නෙස්ලේ ලංකා පී.එල්.සී.
-
සම්පත් බෑන්ක් පී.එල්.සී.