එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නවතම ගුවන් සේවයක් වන රොටානා ජෙට් සමාගම (ROTANA JET) ශ්‍රී ලංකාව සමග නව ගුවන් සබඳතා ආරම්භ කිරීම සඳහා සූදානම් වන බව පැවසෙයි.
ඒ අනුව, අබුඩාබි බටීම් ගුවන්තොටුපොළ හා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ, මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ හරහා නව ජාත්‍යන්තර ගුවන් සේවාවක් පවත්වා ගැනීම සඳහා පසුගියදා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හමුවී එම සමාගමේ නියෝජිත පිරිසක් සාකච්ඡා පවත්වා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සාකච්ඡාව සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති අබ්දුල් හබීඩ් අබ්දුල් ෆතාන්හ් කේ. අල්මුල්ලා සහ රොටානා ගුවන් සමාගමේ සභාපති ෂික් අහමඩ් බින් ෂයිෆ් අල් නහායන් යන මහත්වරු එක්වූහ.