NVQ තරුණයන්ට ඇපකර නොමැති ණය ඉල්ලා සිටියි
ඇප කොන්දේසි සපුරාගැනීමේ නොහැකියාව නිසා තම ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගත නොහැකිව සිටින ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම (NVQ) සහිත තරුණ ව්‍යවසායකයන්ට ණය ලබාදීමේ හැකියාව මහ බැංකු අධිපතිවරයා විසින් වානිජ බැංකු ප්‍රධානීන්ගේ අවධානයට යොමු කරන ලදී.
පසුගියදා පැවති ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ප්‍රධාන විධායකයන්ගේ රැස්වීමේදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙම කරුණු ඉස්මතු කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,
"ප්‍රමාණවත් ඇපයක් නොමැතිව ණයක් ලබාදීමේ අපහසුකම අපට වැටහෙනවා. මහ බැංකුවෙන් 100%ක් ප්‍රති මූල්‍ය පහසුකම් සපයන, ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කර සැපයෙන ණය යෝජනා ක්‍රමවල පවා අවදානම ඇත්තේ සහභාගීත්ව ණය දෙන ආයතන මතයි. එසේ වුවද, මේ තරුණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සහ වැඩි දියුණු කිරීමට අතහිතදීමේ සාමූහික වගකීමක් බැංකු ක්ෂේත්රයේ සිටින අප සැමට පැවරෙනවා. ඔවුන් රටේ මූල්‍ය අංශයට අන්තර්ග්‍රහණය කළ යුතුයි. මේ අය අනාගතයේ ඔබේ ගනුදෙනුකරුවන්" යැයි ප්‍රකාශ කළේය.
popular news
-
දෙල්ගොඩ හල්පෙයලාගේ කාංචනා පුෂ්පකුමාරි Wednesday, 15 February 2023 08:41 AM
මම සැලුන් එකක් කරනවා එකට බඩු ට්කක් ගන්න නිසා මම මෙ ණය මුදල අවසයි
Reply : 0 0
දෙල්ගොඩ හල්පෙයලාගේ කාංචනා පුෂ්පකුමාරි Wednesday, 15 February 2023 08:42 AM
ඉක්මනට ණය අවක්සයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

