පකිස්තානු Miss Veet තරඟාවලියේ අවසන් වටයට පසුගියදා තේරීපත් වූ සුරූපී තරගකාරියන් පිරිස ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කරච්චි සිට කොළඹ වෙත රැගෙන ඒම සඳහා ගුවන් සත්කාරක දායකත්වය ලබාදී ඇත. මෙම තරඟයේ අවසන් වටය මෙරට දකුණු මුහුදුදිග ප්‍රදේශයේ බලපිටියේ දී පැවැත්වූ අතර එමගින් ශ්‍රී ලංකාවට පකිස්තානය පුරා විශාල ප්‍රසිද්ධියක්ද ලබා දී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.
මෙම අවසන් වටය සඳහා තෝරා පත් වූ කණ්ඩායම සඳහා තරඟකාරියන් 44 දෙනෙකු, සැලසුම්කරුවන්, රූපලාවන්‍ය උපදේශකවරුන්, ප්‍රසිද්ධ විනිසුරු මඬුල්ලක්ද කරච්චි සිට මෙරටට පැමිණ තිබුණි. මෙම කණ්ඩායම සැප්තැම්බර් මස 17 දක්වා මෙරට රැඳී සිටිනු ඇති බවත්, Miss Veet තරඟාවලියේ අවසන් තරඟවටය සඳහා තෝරාපත් කර ගැනීමේ පූර්ව තරග කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් හිදී පවත්වා ඇති බවත් පෙන්වා දෙයි.
මෙම තරඟය පකිස්තානයේ ප්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන HUM TV මගින් සංවිධානය කර ඇති අතර එම නාලිකාව ඇතුළු එහි සහෝදර නාලිකා ඔස්සේ මෙම වැඩසටහන විකාශනය වනු ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.