J. Walter Thompson Group Sri Lnaka හි නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්ව සිටින එලීනා හාජි ඔමාර් පසුගියදා සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව, J. Walter Thompson ජාලයට අයත් J Walter Thompson Sri Lnaka හා Contract Advertising යන ආයතනවලට නව ප්‍රධාන විධායක නිළධාරිනිය ලෙස ඇය නායකත්වය දෙනු ඇති බව පැවසෙයි.
එලීනා J. Walter Thompson - Sri Lanka වෙත එකතු වන්නේ Grant Group හි Response Marketing නම් වූ දැන්වීම්කරණ ආයතනයේ සිට වන අතර, ඇය 2012 වසරේ සිට එම ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී ධුරය හොබවනු ලැබීය. ඇගේ නායකත්වය යටතේ Response Marketing ආයතනය ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයේ ඉහළින්ම සිටි දැන්වීම්කරණ ආයතන අතුරෙන් එකක් බවටද පත්වූ බවද පැවසෙයි.
නව තනතුරෙ හි වැඩ අරඹමින් එලීනා පවසා සිටියේ, "J.Walter Thompson සතු ගෝලීය වෙළෙඳ නාම රැසක් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එසේම මේ වනවිට ඉතාමත් ක්‍රියාශීලී ලෙස එම වෙළෙඳ නාමවල කටයුතු සිදුවෙනවා. මේ වෙළෙඳ නාම අතරින් බොහෝමයක් මේ වනවිට දේශීය සන්දර්භයක් තුළ කටයුතු කිරීමට සූදානමකින් පසුවෙනවා. මේ පරිවර්තනය අලුත් අදහස් හා නව අවස්ථා ගෙනෙන බව මගේ විශ්වාසයයි. J. Walter Thompson – Sri Lanka හි අනන්‍ය විශිෂ්ටතාවක් වන්නේ එහි කාර්ය මණ්ඩලයයි. ඒ නිසාවෙන් සේවාදායකයන් සමග ඇති සබැඳියාව සහ ඒ තුළින් උද්දීපනය වන දක්ෂතාව නොමැකෙන සුළුයි" යනුවෙනි.
එමෙන්ම, ඇය J.Walter Thompson - Sri lanka සමග සම්බන්ධ වන්නේ ක්ෂේත්රයේ වසර 18ක අත්දැකීම්ද සමගිනි. පසුගිය අවුරුදු කිහිපය ඇතුළත ඇය විසින් නිමවා වැඩිදියුණු කරනලද වෙළෙඳ සන්නාම සඳහා වූ උපායමාර්ගික ක්‍රමවේද, බොහෝ වෙනස්කම් සඳහාද, ක්ෂේත්රය තුළ විවිධ කතා බහ ඇති කිරීම සඳහාද, දැන්වීම්කරණයේ නව සංස්කෘතියක් නිර්මාණය කිරීම පිණිසද හේතු වී ඇති බවද පැවසෙයි. එමෙන්ම, ඇය IAA ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිනිය ලෙසද අභිනවයෙන් පත් කරනු ලැබ තිබේ.
එලීනා, තමන්ගේ වෘත්තීය ඉතිහාසය තුළ ඉතා පුළුල් විවිධත්වයකින් යුතු වෙළෙඳ නාම සමග කටයුතු කර ඇත. ඩයලොග්, මන්චි, හෙරිටන්ස්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, කොකාකෝලා, බේබි ෂෙරමි, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, සිනමන්, ටිගෝ, එටිසලාට්, වෝල්ස්, නෙස්ට්ලේ, කීල්ස් සහ යුනිසෙෆ් යනාදිය ඒ අතරින් කිහිපයක් බවද පෙන්වා දෙයි.