අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව හෙවත් JBIC හි ප්‍රධාන විධායක නිලධාරී ටඩාෂි මේඩා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරු අතර හමුවක් පසුගිය 04දා පැවැත්විණි.
ජපානයේ යොකෝහමා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුවට අතරතුර මෙම හමුවූ බවත්, දෙරටටම වැදගත් වන සාකච්ඡාවක එහිදී නිරත වූ බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.