ඇඟලුම් ක්ෂේත්රයේ සේවා සම්පාදයකයන් සහ සැපයුම්කරුවන් එක තැනකට රැගෙන එන AISEX (Apparel Industry Suppliers Exhibition ප්‍රදර්ශනය එළැඹෙන ජූනි 9 සිට 11 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවාව, ශ්‍රී ලංකාවේ ඇගලුම් ආයතනය, ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය, ශ්‍රී ලංකා විලාසිතා හා ඇගලුම් ආයතනය, කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි. මෙම අවස්ථාවේදී ලොව පුරා ඇති ඇගලුම් යන්ත්‍ර සූත්‍ර, උපාංග සහ සේවාවන් පිළිබඳව අවධානය යොමු කෙරේ.
ශ්‍රී ලංකාවට ආසන්නයේ, දකුණු ආසියානු කලාපය තුළ නව ව්‍යාපාර අවස්ථා උදාකරදීමද මෙහි තවත් අපේක්ෂාවකි. යුරෝපා සංගමයේ සහ ඇමෙරිකානු එක්සත් ජනපදයේ පමණක් නොව කලාපීය වෙළෙඳපොළවලද, සුවිශේෂී ව්‍යාපාර අවස්ථා ක්‍රමයෙන් ඇති වන අතර, මේ මගින් ඉන්දියාව වැනි ශීඝ්‍රයෙන් දියුණුවල කලාපීය වෙළෙඳ පොළ ඉලක්ක කරගැනීමද මේ ප්‍රදර්ශනය හරහා සිදු වෙනු ඇතැයිද සංවිධායකයෝ පවසති. මෙම ප්‍රදර්ශනයේ නිල මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි.