ඉංජිනේරුවන්ගේ වෘත්තීය ආයතනය විසින් 12 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ INCO 2014 කර්මාන්ත සහ අලෙවි ප්‍රදර්ශනයේ දෙවැනි දිනය විවෘත කිරීම ඊයේ (28දා) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් BMICH හිදී සිදුකෙරිණි.
මෙම ප්‍රදර්ශනය සිවිල් ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු යන අංශයන්ට අදාළ වෙළෙඳ කුටි සහ ප්‍රදර්ශන කුටි 300කින් පමණ සමන්විත විය. ගැනුම්කරුවන් සහ ඉංජිනේරුවන් වසරකට වරක් හමුවීම, නව තාක්ෂණික උපකරණ පිළිබඳව ඉංජිනේරුවන් දැනුම්වත් කිරීම යන අරමුණ පෙරදැරි කරගෙන මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරිණි.
කර්මාන්ත සංවර්ධනයේ ඉදිරිය උදෙසා කැපවෙමු යන තේමාව ඔස්සේ මෙම ප්‍රදර්ශනය අදත් (29දා) පෙරවරු 10 සිට රාත්‍රී 9.00 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතී.