ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය සහ ශ්‍රී ලංකාව භාර නව විධායක අධ්යක්ෂ ආචාර්ය සුබීර් ගෝකාන් මහතා පවසා සිටියේය.
හෙතෙම මෙසේ පවසා තිබුණේ පසුගිය 4 වැනිදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය. මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුබීර් ගෝකාන් මහතා,
"කලාපයේ රාජ්‍යන්හි ආර්ථික කටයුතු පිළිබඳව මා නිරීක්ෂණය කරමින් සිටිනවා. එහි පළමු වැනි පියවර ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය ලබාදීමට මා පියවර ගන්නවා." යැයි පවසා සිටියේය.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ මණ්ඩලය තුළ පෙනී සිටින්නේ සූබීර් ගෝකාන් මහතාය.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු රට තුළ පවත්වාගෙන යනු ලබන යහපාලන සංකල්පය වර්තමානයේදී ජාත්‍යන්තරය තුළ පවා අවධානයට ලක්ව තිබෙනවා. එවැනි පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට හිමිවීම ඉතා වැදගත් පියවරක් වෙනවා" යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මහේන්ද්‍ර සිරිවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.