IMF විස්තීරණ ණය දෙවැනි සමාලෝචනයට එකඟතාවක්
තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ සහාය සහිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවැනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.
පසුගිය මාර්තු මාසයේදී කොළඹ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙලෙස එකඟතාවට පැමිණ තිබේ.
“තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීම හා එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මෙම එකඟතාවට පැමිණීමට නියමිතයි “ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වොෂින්ටනයේ සිට ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ලබන ජූනි මාසයේදී දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම සලකා බැලීමට අධ්යක්ෂ මණ්ඩලය බලාපොරොත්තු වෙයි.
මෙහි පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම නව නීතිය ආදායම් බලමුලු ගැන්වීම මුල්කරගෙන කල් පවත්නා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සඳහා හේතු විය යුතු යැයි අරමුදල කියයි.
ජාත්‍යන්තර සංචිත රැස්කීරීම නැවත ආරම්භ කිරීම මෙරට බලධාරීන්ට ප්‍රශංසා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශයන් හි අවදානම් කළමනාකරණය කරගැනීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව පවත්වාගැනීම වැදගත් බවද පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

