ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස අලුතෙන් පත්වූ ආචාර්ය එටරි ක්වින්ට්රඩ්ස් මහත්මිය, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගිය 23 දා මුදල් අමාත්‍යාංශයේදී හමුවිය.
මෙම හමුවේදී මූල්‍ය අරමුදලේ ණය ආධාරවලින් කෙරන සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා ඇතිවිය. එමෙන්ම, ත්‍රස්තවාදය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ශීඝ්‍ර සංවර්ධනය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ විග්‍රහයක් අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී.