විදේශ සංචිත වැඩිදියුණු කිරීම සඳහා ලැබෙන ඇ.ඩො. බිලියන 1.5 ක IMF ණය මුදල සුළු පොලී අනුපාතිකයක් යටතේ හිමි වී ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මෙමගින් මෙරට මූල්‍ය තත්ත්වය ස්ථාවරව පවත්වාගෙන යාමට මෙමගින් අවස්ථාව හිමිවන බවත්, මෙම ණය ආධාර මුදල ශ්‍රී ලංකාවට ලබාදීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කිරීම, රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසියාකාරව හසුරවන බවට ජාත්‍යන්තර වශයෙන් හිමි වූ සහතිකයක් බවද අමාත්‍යවරයා පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි පසුගිය 03දා රැස් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී අදාළ ණය මූල්‍යාධාර ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමැතිය හිමි වූ බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.