ශ්‍රී ලංකාව තුළ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දැනුවත්භාවය වැඩිකිරීම සඳහා මෙරට කම්කරු නීති සංග්‍රහයේ සිංහල හා දෙමළ පරිවර්තන salary.lk වෙබ් අඩවියට ඇතුළත් කළ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (International Labor Organization-ILO) පසුගියදා නිවේදනය කළේය.
වේජ්ඉන්ඩිකේටර් පදනම (WageIndicator Foundation) විසින් පවත්වාගෙන යනු ලබන මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය පිළිබඳව තොරතුරු සරල බසින් ඉදිරිපත් කරන අතර වෘත්තීය උපදේශන ලබාදෙමින් විවිධ වෘත්තීය කාණ්ඩ අතර වැටුප් සම්බන්ධ සංසන්දනාත්මක විශ්ලේෂණද ඉදිරිපත් කරන බව පවසයි.