ලෝක බැංකුවට අනුබද්ධ සංවිධානයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (Intornational Finance Corporation) ශ්‍රී ලංකා නියෝජිත ඇඩම් සැක් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් සමග ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සාකච්ඡා පැවැත්වීය.
අද (7දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී සංචාරක ව්‍යාපාර සහ එම ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවට භාජනය විය.
මෙම හමුව සඳහා IFC ආයතනයේ සංචාරක ව්‍යාපාරය පිළිබද ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ෂෝන් මෑන් මහතා, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක ෆ්රැන්කොයි ක්ලෝට්ස් මහත්මිය, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ශ්‍රියානි හුළුගල්ල මෙනවිය හා ලෝක බැංකුවේ කළමනාකරු හෙන්රි බැගසොන්ස්යා මහතා ඇතුළු පිරිසද සහභාගී වූහ.