ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් සේවා සාකච්ඡා සම්මුති සම්මන්ත්‍රණය (International Civil Aviation Negotiation Conference - ICAN) 10 වැනි වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම සම්මන්ත්‍රණය මඟින් රාජ්‍යයන් අතර ගුවන් සේවා අයිතීන් (Traffic Rights) පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
2017 වර්ෂයේ දෙසැම්බර් 04 සිට 08 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේ වනවිට සූදානම් බවත්, ඒ සඳහා සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළැඹීමද සිදුව තිබේ.
ඒ අනුව, මෙවර සමුළුවේ සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවීම විශේෂ අවස්ථාවක් බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් එච්.එම්. නිමල්සිරි මහතා පවසයි.