අංක 24, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ස්ථානයෙහි පිටිහි හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කිං කෝපරේෂන් ලිමිටඩ් (HSBC) ආයතනය, 2016 අප්‍රේල් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස ක්‍රියා නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දෙයි.
එනමුත්, HSBC ආයතනය තවදුරටත් නිර්ලේඛන සුරැකුම්පත් සඳහා ද්විතීයික වෙළෙඳ පොළෙහි සෘජු සහභාගීකාර අලෙවිකරුවෙකු ලෙස කටයුතු කරන අතර, තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනුවල නිරත වීම සහ ඔවුන් වෙනුවෙන් ලංකාසෙක්‍යු හි ගිණුම් පවත්වාගෙන යාම සිදු කරනු ඇති බවද මහ බැංකුව පවසයි.