Hotel, Hospitality & Food Asia ප්‍රදර්ශනය 4 වැනි වරටත් එළැඹෙන සැප්තැම්බර් 30 දා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
චීනයේ, බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, MP Events Lanka (පෞද්.) සමාගම සහ China Council for Promotion of International Trade Building Materials sub council Beijing (CCPIT) එක්වී Hotel, Hospitality & Food Asia ප්‍රදර්ශනය සංවිධානය කරන බව පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණි.