GSP බදු සහනයෙන් අපනයන ආදායම් නැංවීමට EDB සූදානම්
යුරෝපා සංගමය විසින් වඩා පුළුල් පරාසයක භාණ්ඩ මිලදී ගැනීම දිරිගැන්වීම උදෙසා GSP+ බදු සහනය යළිත් වරක් ශ්‍රී ලංකාව වෙත ප්රදානය කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ රැසක් යුරෝපා සංගමයේ බදු සහනය ලබන භාණ්ඩ 7,500 තුළට ඇතුලත් වේ. ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 50%කට වඩා යුරෝපා සංගමයට හා ඇමෙරිකාවට අපනයනය කරනු ලබයි. ශක්තිමත් බටහිර රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමය තුළ ඉහළ ක්‍රය ශක්තියකින් යුතු මිලියන 500ක පමණ ජනගහනයක් ජීවත් වෙති. ඒ අනුව, GSP+ බදු සහනය ලෝක වෙළෙඳ සංවිධානය විසින් සාමාජික රටවල් අතර 'වඩාත් හිතෛශි ජාතින්' (Most Favoured Nation) යන උද්ධෘතය යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා බදු අඩු කිරීමේ වරණයන් පවත්වා ගැනීමට නිදහස ලබා දී ඇත. ශ්‍රී ලංකාව 2005 සිට 2010 දක්වා GSP+ බදු සහනයේ ප්‍රතිලාභියකු විය. මෙම පහසුකම අහිමිවීමත් සමග ශ්‍රී ලංකාවට තිබූ ව්‍යාපාරික අවස්ථා රැසක් වෙනත් අසියාතික රටවලට විතැන් විය.
ශ්‍රී ලංකාවට යුරෝපා GSP+ සහනය වඩාත් වාසිදායක අපනයනය සඳහා පහසුවෙන් යොදාගත හැකිය. ඇඟලුම්වලට අමතරව ශ්‍රී ලංකාවේ ධිවර නිෂ්පාදන, පිඟන් භාණ්ඩ, පොල් ආශ්රිත භාණ්ඩ, කැපූ මල් හා විසිතුරු ශාක පත්‍ර සඳහා ප්‍රධානතම වෙළෙඳ පොළ යුරෝපා සංගමය බව පැවසිය හැකිය. එහිදී, තේ, කුළු බඩු, පාවහන් හා රබර් ආශ්රිත භාණ්ඩ සඳහාද තවත් භාණ්ඩ රැසක් අතර සැලකිය යුතු වෙළෙඳ පොළක් පවතින බවද නොරහසකි.
GSP+ බදු සහනයේ වැඩිම ප්‍රතිලාභියා
උසස් තත්ත්වයේ භණ්ඩ සදාචාරාත්මක භාවිතයන් යටතේ නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාවට ප්‍රධාන ශක්තියක් වී ඇත. GSP+ බදු සහනය යටතේ වඩා උසස් මට්ටමෙන් සංවර්ධනය වන එම සහනය නොමැති ආර්ථික (ඉහල සහ ඉහළ මධ්‍යම) සමග අඩු තරගකාරිත්වයක් යටතේ අපේ අපනයන සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. ඇඟලුම් ක්ෂේත්රය GSP+ බදු සහනයේ වැඩිම ප්‍රතිලාභියා වනු ඇත.
10% ක පමණ සැලකිය යුතු බදු නිදහස් වීමක් සමග ශ්‍රී ලාංකේය ඇඟලුම් අපනයනකරුවන්ට යුරෝපා වෙළෙඳ පොළෙහි ඉඩක් හිමි වනු ඇත. මේ හේතු කොටගෙන ශ්‍රී ලංකාවට ඉදිරි මාස 18 තුලදී ඇ.ඩො.මිලියන 500ක අතිරේක අපනයන ආදායමක් ඉපයීමට හැකි වනු ඇති බවට ඇඟලුම් කර්මාන්තය විශ්වාස කරයි. 2010 වසරට පසු 200කට ආසන්න ඇඟලුම් නිපදවන කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වූ අතර, බොහෝ සේවකයන්ට රැකියා අහිමි විය. එම ආයතනවලට හා එකී සේවකයන්ට නැවත කර්මාන්තයට ප්‍රවේශ වීමට GSP+ බදු සහනය ප්‍රතිෂ්ඨාපනය නිසා හැකිවනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකිය.
GSP+ බදු සහනය ප්‍රතිෂ්ඨාපනයෙන් උපරිම ඵල නෙලා ගැනීමට හා එමගින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩි දියුණු කිරීමට ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු අරඹා ඇත.
ඇඟලුම් ක්ෂේත්රය - කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් සදහා තාක්ෂණය වැඩිදියුණු කිරිමේ වැඩසටහන
2010 දී යුරෝපා GSP+ බදු සහනය නැතිවීමෙන් වඩාත්ම පිඩාවට පත් වූයේ කුඩා හා මධ්‍යම පරිමාණ ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්රයයි. මෙම ක්ෂේත්රයෙන් ලැබෙන මුළු අපනයනය ආදායමට ප්‍රධාන දායකත්වයක් කරනු ලබන්නේ විශාල සමාගම් වුවද කුඩා හා මධ්‍යම පරිමාණ අංශයද සැලකිය යුතු දායකත්වයක් දක්වනු ලබයි. ඒ අනුව, කර්මාන්තයේ තිරසාර පැවැත්ම උදෙසා කුඩා හා මධ්‍යම පරිමාණ සමාගම්වලට සහාය දක්වා සංවර්ධනය කළ යුතුවේ. එබැවින් අපනයන සංවර්ධන මණ්ඩලය SEDEX, BSCI, WRAP වැනි ප්රමිතීන්වලට අනුකූලව නිපදවීම මගින් ගැනුම්කරුවන් සමග දිගුකාලීන සම්බන්ධතා ගොඩනැගීමට හා ඔවුගේ විශ්වාසය දිනාගැනීම සඳහා පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.
තවද, ප්‍රථම වතාවට ඇඟලුම් අපනයන සමාගම්වලට මේ වසරේ සැප්තැම්බර් මාසයේදී %ඇපරල් සෝසින් පැරිස්^ සඳහා සහභාගී වීම සංවිධානය කිරිමේ කටයුතු මේ වනවිට කරමින් සිටින බවද පවසයි.
පාවහන් නිෂ්පාදකයන්/ අපනයනකරුවන් සඳහා භාණ්ඩ සංවර්ධන වැඩසටහන
විශේෂයෙන් යුරෝපා වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින් පාවහන් නිපදවීමේ විශේෂඥ දැනුම ලබාදෙමින් තෝරාගත් පාවහන් නිෂ්පාදකයන්/අපනයනකරුවන් කණ්ඩායමකගේ භාණ්ඩවල තත්ත්වය උසස් කිරීම සඳහා වැඩසටහනක් සකස් කර ඇත. මෙම වැඩසටහන අදියර 2ක් යටතේ ක්‍රියාත්මක වන අතර, 1 වැනි අදියර යටතේ විශේෂඥයා තෝරාගත් සමාගම් සමග වැඩකරමින් පාවහන් නිෂ්පාදනයට අවශ්‍ය ඉංජිනේරුමය තාක්ෂණය (Shoe Engineering) ලබාදෙන අතර නිෂ්පාදන හා නිෂ්පාදන ක්‍රියාවලි වර්ධනය කිරීමට/උසස් කිරීමට අවශ්‍ය යොජනා ලබාදෙනු ඇත. 2 වැනි අදියර 1 වැනි අදියර නිමා වී මාස තුනකට පසුව තාක්ණයෙන් විශේෂිත වූ වැඩිදියුණු කළ නිෂ්පාදන ක්‍රියාවලි තුළින් ජත්‍යාන්තර වෙළෙඳ පොළට සුදුසු භාණ්ඩ නිපදවීමට උපදෙස් හා ඒවා ක්‍රියාත්මක කිරිමේදී ඇතිවන ගැටලු විසඳීම සඳහා උපදෙස් සපයනු ඇත.
ධීවර නිෂ්පාදන ක්ෂේත්රය
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ධීවර නිෂ්පාදන ආනයනය කිරීමේ තහනම ඉවත් කිරිමෙන් පසු ශ්‍රී ලංකාව සහ ධීවර නිෂ්පාදන අපනයනකරුවන් ඔවුන්ගේ යුරෝපා ගැනුම්කරුවන් සමග සම්බන්ධතා යළි ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ අනුව, 2017 අප්‍රේල් මස බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති ලොකයේ විශාලතම ධීවර නිෂ්පාදන වෙළෙඳ ප්‍රදර්ශනයට අපනයනකරුවන් 9 දෙනෙකුගේ සහභාගීත්වය අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරන ලදී. එය ඔවුන්ට ව්‍යාපාරික සබඳතා යළි ගොඩ නැගීමටත්, GSP+ බදු සහනය යටතේ අපනයන පරිමාව වැඩි කිරීමට සැලසුම් සකස් කිරීමටත් අවස්ථාව උදාවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

