GSP දුන්නාට අධීක්ෂණය දිගටම - ත්‍රස්ත වැළැක්වීමේ පනත අහෝසි කරන්නලු
ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය එළඹෙන සිකුරාදා (19දා) සිට යළි ශ්‍රී ලංකාවට ප්රදානය කෙරුණද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිගටම අධීක්ෂණයක නිරත වන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටුන්-ලායි මර්ගූ පවසා සිටියේය
ශ්‍රී ලංකාවට යළිත් වරක් GSP+ තීරු බදු සහනය ලබාදීමේ තීරණය ගැන අද (16දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් දැක්වීය. මෙම බදු සහනය ශ්‍රී ලංකාව වෙත හිමිවීමේ අවසන් කඩුල අද (16දා) ලෙස මුලින් සඳහන් වුවත්, එය නිල ජර්නලයේ සටහන් වීම බ්‍රහස්පතින්දා (18දා) සිදුවනු ඇති බව සඳහන් වෙයි.
මෙම සහනය මගින් ශ්‍රී ලංකාවට වසරකට රු.කෝටි 5,000කට අධික ආදායමක් හිමවනු ඇතැයි යුරෝපා සංගමය පවසයි.
මෙහිදී අදහස් දක්වමින් තානාපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවට 2021 වසර දක්වා එම බදු සහනය දැනට පවතින ආකාරයෙන්ම හිමිවනු ඇති බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නොකඩවා වසර තුනක් වාර්තා වුවහොත් එම බදු සහනය ඉවත් කෙරෙන බවද හෙතෙම පවසා සිටියේය.
2016 වසරේදී යුරෝපය වෙත සිදුකළ මෙරට අපනයනවල වටිනාකම යූරෝ කෝටි 260ක් පමණ බව පැවසූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 1/3ක් යුරෝපය වෙත සැපයෙන බවද සඳහන් කළේය.
එමෙන්ම, GSP+ තීරුබදු සහනය මගින් ලබන ආදායම අවම වශයෙන් තවත් යුරෝ කෝටි 30කින් පමණ ඉහළ යන බව පෙන්වා දෙන ඔහු මෙම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ගැනීමෙන් ශ්‍රී ලංකාවට තවත් වාසි අත්කර ගත හැකි බවද පවසා සිටියේය. එනම්, මෙය සක්‍රීය වීමෙන් පසුව වෙනත් රාජ්‍යයන්ද ශ්‍රී ලංකාව සමග ආයෝජන ගිවිසුම් සඳහා වැඩි උනන්දුවක් දක්වනු ඇති බව ඔහු සිහිපත් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ යුරෝපා සංගමයේ වෙළෙඳ කොමසාරිස් සෙසිලා මල්මස්ටෝම් පවසා සිටියේ, ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික සම්මුතීන් සහ මානව හිමිකම් ක්ෂේත්රයන්හි ලබා ඇති ප්‍රගතිය GSP+ සහනය යළි දිනා ගැනීමට හේතු වූ බවය. එසේ වුවත්, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ඉතා හොඳ යැයි ප්‍රකාශ කිරීමක් එමගින් අදහස් නොකෙරෙන බවද ඔහු පවසා සිටියේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ විය යුතු බවත්, වධහිංසා, බාල වයස්කරුවන් බලහත්කාරයෙන් විවාහ කරවීම සහ සමාජයීය වෙනස්කම් ආදිය බෙහෙවින් වාර්තා වන බවද පැවසූ වෙළෙඳ කොමසාරිස්වරයා, එවැනි දේවල් අවසානය ගෙනඒම ඔවුන්ගේ අපේක්ෂාව බවද සඳහන් කළේය.
යුරෝපා හවුල එම කරුණු සමග ශ්‍රී ලංකාව ලබන ප්‍රගතිය සම්බන්ධයෙන් අධීක්ෂණයට රාජ්‍ය නොවන සංවිධාන සමග දැඩි උනන්දුවකින් කටයුතු කරන බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

