සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් දිවයිනේ ව්‍යාපාරික ආයතන රැසක් සමග එක්වී අන්තර්ජාල මෙගාපොළක් පැවැත්වීමට ගූගල් (Google) මේ වනවිට කටයුතු කරමින් සිටියි. www.megapola.lk ලිපිනයෙන් මෙම අන්තර්ජාල පොළට පිවිසිය හැකි අතර එය 2016 මාර්තු 21 සිට අපේ‍්‍රල් 10 දක්වා ක්‍රියාත්මක වන බව පවසයි.
'අවුරුදු මෙගාපොළ’ ලෙස නම්කර ඇති මෙය දින 20 ක් පුරා පැවැත්වෙන අන්තර්ජාල සාප්පු සවාරි සැණකෙළියකි. මෙහිදී පාරිභෝගිකයන්ට ස්මාට්ෆෝන්, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ සහ සේවා ආදිය සඳහා අන්තර්ජාලය ඔස්සේ පමණක් හිමි වන සුවිශේෂී වට්ටම් හා දීමනා හිමිවනු ඇති බවද පවසයි.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කරන සංඛ්‍යාව මිලියන 6කට ආසන්න ය. මේ අතරින් බොහෝ දෙනෙකු ප්‍රථම වරට අන්තර්ජාලයට පිවිසීමේ අත්දැකීම ලබන්නේ තම ස්මාට්ෆෝන් මගිනි. අන්තර්ජාලය යනු කෙනෙකුට වඩාත් පහසුවෙන් අධ්‍යාපනය හා විනෝදාස්වාදය ඇතුළු බොහෝ දේ ලබාගත හැකි මාධ්‍යයකි. එමෙන්ම අන්තර්ජාලයට පිවිසෙන බොහෝ දෙනෙකු ඒ ඔස්සේ භාණ්ඩ මිලදීගැනීමටද යොමුවී ඇත. 'අවුරුදු මෙගාපොළ' යනු මෙසේ තම තම ජංගම දුරකථන භාවිතයෙන් අන්තර්ජාලයට පිවිසෙන නව පාරිභෝගිකයන් වැඩිවශයෙන් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කරගත් වැඩසටහනකි.