සීමාසහිත සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම විසින් මෑතකදී හඳුන්වාදෙනු ලැබු සැම්සුන්ග් ගැලක්සි නෝට් 4 (Samsung Galaxy Note 4) ජංගම දුරකථනය පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සිදුකෙරිණි.
වැඩිදියුණු කළ S pen විශේෂාංගය සමග සුපිරි දර්ශන තිර අත්දැකීමක් මුසුකරන ගැලක්සි නෝට් 4 ජංගම දුරකථනය මගින් පාරිභෝගිකයන්ට වර්තමාන වෙළෙඳ පොළේ පවතින විශිෂ්ටතම සහ බලවත්ම ජංගම දුරකථන අත්දැකීමක් ලබාගත හැකි බව සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් ඉන්දියා-ශ්‍රී ලංකා ශාඛා කාරයාලයේ කළමනාකාර අධ්යක්ෂ එච්.කේ. චෑං මහතා පවසා සිටියේය.
ගැලක්සි නෝට් 4 ජංගම දුරකථනය සමග Gear S පළඳනාව හා Gear Circle පළඳනාවද ශ්‍රී ලංකාවට හඳුන්වාදී සිදුකෙරිණි.