මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය බවත්, ජාතික ආර්ථිකයට පරිපූර්ණ ශක්තියක් ලබාදීම සඳහා ඔවුන් නව ව්‍යාපාරික දැනුමින් සන්නද්ධ විය යුතු බවත් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ නව සභාපති සරත් කහපොලආරච්චි මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත්වූ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති සරත් කහපොලආරච්චි මහතා නව වසරේ සිය තනතුරෙහි වැඩකටයුතු අරඹමින් මෙසේ අදහස් දක්වා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නව සභාපතිවරයා,
"මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. ජාතික ආර්ථිකයට වඩාත් පරිපූර්ණ ශක්තියක් ලබාදීම සඳහා ඔවුන් නව ව්‍යාපාරික දැනුමින් සන්නද්ධ විය යුතුයි. නව ව්‍යාපාරික ක්‍රමවේද භාවිත කිරීමට හුරුවිය යුතුයි. සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැර වී වර්තමාන ලෝකයේ ඩිජිටල් තාක්ෂණය ව්‍යාපාර සඳහා භාවිත කරමින්, වඩාත් ශක්තිමත් සංවිධානාත්මක ව්‍යාපාර ගොඩනැගිය යුතුයි. මේ සඳහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය තුළින් වැඩි ව්‍යාපාරික අධ්‍යයන අවස්ථා වෙත ව්‍යවසායකයන් යොමු කිරීම මාගේ පාලන කාලය තුළ මූලිකත්වය දීමට සැලසුම් කර තිබෙනවා." යැයි පවසා සිටියේය.