EU හි සබැඳි සැමරුම් ඡායාරූප ප්‍රදර්ශනයෙන්
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සංවර්ධනයට දක්වන සහයෝගය පිළිබිඹු කරන 'සබැඳි සැමරුම්' ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹදී අති සාර්ථක ලෙස නිමාවට පත්විය. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ තානාපති තුං-ලායි මාර්ග් මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ඌනා මැකෝලි මෙනෙවිය මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ.
මෙහිදී, අදහස් දක්වමින් තානාපති මර්ග් පවසා සිටියේ, "පසුගිය වසර පහක කාලය තුළ යුරෝපා සංගමය සහාය ලබාදෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) අවධානයට ලක්විය යුතු ජනතාව වෙනුවෙන් රැකියා උත්පාදනය කිරීම සඳහා යටිතල පහසුකම් සහ ධාරිතා වර්ධනය කිරීමටත්, ඒ හරහා ආර්ථික වර්ධනයටත් කැපීපෙනෙන දායකත්වයක් ලබාදී තිබෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක වූ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා පුද්ගල මට්ටමින් සහ ආයතනික මට්ටමින් ඇතිකරගත් සබඳතා මේ ඡායාරූප මගින් නිරූපණය වෙනවා." යනුවෙනි.
මන්නාරම, වවුනියා, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ප්‍රදර්ශනය කෙරුණු 'සබැඳි සැමරුම්' ඡායාරූප ප්‍රදර්ශනය මගින් EU-SDDP වැඩසටහන යටතේ මෙරට අන්ත දිළිඳු ජනතාවගේ මූලික යටිතල පහසුකම් සහ සේවා වැඩිදියුණු කිරීමට දියත්කරන ලද ව්‍යාපෘතිය මැනවින් පිළිබිඹු කෙරුණු බව ඔවුහු පවසති. යුරෝ මිලියන 60ක ප්‍රදානයකින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මඩකලපුව, මන්නාරම, වවුනියාව, අම්පාර, මොනරාගල, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල මිලියන භාගයකට අධික ජනතාවක් ආවරණය කෙරෙමින් දියත් වූ බවද ඔවුහු පෙන්වා දෙති. UNDP, UNICEF, UNOPS, FAO සහ ILO යන එක්සත් ජාතීන්ගේ ආයතන සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකුවන IFC ආයතනය ඒකාබද්ධව මෙම ව්‍යාපෘති දියත් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



