ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. යන ආයතනවල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018.01.01 දින පැවති රැස්වීමේදී ක්‍රියාමාර්ග ගෙනක තිබේ.
ඒ අනුව, කෙටි කාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ ආයතන දෙකෙහි කළමනාකරණ කටයුතු කරගෙන යෑම සඳහා මණ්ඩලයක් පත්කර තිබේ.
එමෙන්ම, කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමාකරමින් එම තැන්පතු මාස 6ක කාලයක් දක්වා දීර්ඝ කිරීම සිදුකර ඇත.
මීට අමතරව, තැන්පත් සඳහා ගෙවිය යුතු පොලිය එකඟ වූ කොන්දේසි අනුව සිදුකිරීමටද තීරණය කර ඇත.