Ease of Doing Business (ව්‍යාපාර කිරීමේ පහසුව) වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට පසුගිය 14 වැනිදා මිලෝදා හිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ව්‍යාපාරිකයන්ට සිය ක්ෂේත්රයේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මෙමගින් සිදු වන්නේ ව්‍යපාරිකයන් සහ ඔවුන්ගේ ව්යපාරයන්ට අදාළ රාජ්‍ය ආයතන අතර වේදිකාවක් නිර්මාණය කිරීම ය. ව්‍යපාරිකයන් මුහුණ දෙන ගැටලු පහසුවෙන් විසඳා ගැනීම සඳහා වඩාත් පහසු පරිසරයක් මෙමගින් නිර්මාණය වන බව පෙන්වා දෙයි. ඒ ඔස්සේ සිය ගැටලු විසඳා ගැනීමට අවස්ථාව ඔවුන්ට හිමි වන අතර ව්‍යපාර වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාවද ඔවුන්ට හිමි වන බව පැවසෙයි.