Ease of Doing Business වැඩසටහන් මාලාවේ 07 වැනි අදියර 2016 මාර්තු 30 වැනි දින පස්වරු 2.00 සිට කොළඹ මිලෝදා ආයතනයේදී (පැරැණි ටයිම්ස් ගොඩනැගිල්ල) පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන Ease of Doing Business වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර කටයුතුවලදී පැන නැඟෙන ගැටලු පිළිබඳ සාකච්ජා කිරීම බවද අමාත්‍යාංශ පෙන්වා දෙයි. මෙරට ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාරවල නිරතවීමේ දී ඇති වන ගැටලු විසඳා ගැනීම සඳහා රාජ්‍ය අංශය සමග සජීවී වේදිකාවක් සකස් කිරීම මෙහි තවත් අරමුණක් වී තිබේ. ව්‍යාපාරික ක්ෂේත්රයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද මෙම වැඩසටහනට සම්බන්ධ වන බැවින් ව්‍යාපාරිකයන්ගේ ගැටලු සඳහා එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමද මෙහිදී සිදු කෙරෙන බව මුදල් අමාත්‍යාංශ කියයි.
මෙම සුවිශේෂී වැඩසටහනට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍යාංශය ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටී.