Ease of Doing Business වැඩසටහන් මාලාවේ 8 වැනි අදියර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 14 වැනිදා පස්වරු 2.00 සිට කොළඹ මිලෝදා ආයතනයේ දී (පැරැණි ටයිම්ස් ගොඩනැගිල්ල) පැවැත්වීමට නියමිතය.
Ease of Doing Business වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර කටයුතුවලදී පැනනැගෙන ගැටලු සඳහා විසඳුම් ලබාදීමය. මෙරට ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාරවල නිරතවීමේදී ඇති වන ගැටලු විසඳා ගැනීම සඳහා රාජ්‍ය අංශය සමග සජීවී වේදිකාවක් සකස් කිරීම මෙහි තවත් අරමුණකි. ව්‍යාපාරික ක්ෂේත්රයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද මෙම වැඩසටහනට සම්බන්ධ වන බැවින් ව්‍යාපාරිකයන්ගේ ගැටලු සඳහා එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීම මෙහිදී සිදුකිරීමට නියමිතය.
මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍යාංශය ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටියි.