Ease of Doing Business 5 වැනි අදියර 01 වැනිදා
Ease of Doing Business වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 01 වැනිදා ප.ව. 5.00 ට කොළඹ, මිලෝදා ආයතනයේදී (පැරණි ටයිම්ස් ගොඩනැගිල්ල) පැවැත්වීමට නියමිතය.
දේශීය ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර කටයුතුවලදී පැනනගින ගැටලු සඳහා විසඳුම් ලබාදීම Ease of Doing Business වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
	 
මෙරට ව්යාපාරිකය්නට සිය ව්‍යාපාරවල නිරතවීමේදී ඇති වන ගැටලු විසඳහා ගැනීම සඳහා රාජ්‍ය අංශය සමග සජීව වේදිකාවක් සකස් කිරීම මෙහි තවත් අරමුණක් බව කියැවෙයි.
ව්‍යාපාරික ක්ෂේත්රයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද මෙම වැඩසටහනට සම්බන්ධ වන බැවින් ව්‍යාපාරිකයන්ගේ ගැටලු සඳහා එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීම මෙහිදී සිදුකෙරෙන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම වැඩසටහන සමග සම්බන්ධ වන ලෙස මුදල් අමාත්‍යාංශය ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                