හොර ගනුදෙනු සියයට 40ක් ආසියා පැසිෆික් කලාපයේලු
නීති විරෝධී ලෙස කෙරෙන ලෝක මූල්‍ය ගනුදෙනුවලින් 40% පමණ (බදු පැහැර හැරීම් සමග) ආසියා පැසිෆික් කලාපයේ රටවල සිදුවන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවරදී පසුගිය 28දා ආරම්භ වූ ආසියා පැසිෆික් රටවල සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය යන මැයෙන් ආසියා පැසිෆික් රටවල් සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද 4 වැනි ඉහළ පෙළේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින් හෙතෙම මෙම අදහස් දක්වා ඇත. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"නීති විරෝධී ලෙස කෙරෙන ලෝක මූල්‍ය ගනුදෙනුවලින් 40% පමණ (බදු පැහැර හැරීම් සමග) ආසියා පැසිෆික් කලාපයේ රටවල සිදුවෙනවා. මෙය නිවැරදි කිරීම සඳහා බදු පරිපාලන ක්‍රමවේදයක් පිහිටුවීමේ කලාපීය සහයෝගිතා රාමුවක් 1970 දී හඳුන්වා දුන්නා. මෙය ප්‍රතිපත්ති සම්පාදකයන්ට විශේෂ අභියෝගයක් වී තිබෙනවා.
මීට අමතරව, දැනට ඉහළ යමින් තිබෙන, ඉදිරියේදී වැඩි ප්රතිලාභ ලැබෙන ප්‍රමිතියෙන් යුතු යටිතල සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙය යථාර්ථයක් කරගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමවේදය රටට හඳුන්වා දී ඇති අතර, එය කලාපයේ අනෙකුත් රටවල යටිතල සංවර්ධනය සඳහාද සුදුසු ක්‍රමවේදයක් බව පෙන්නුම් කර තිබෙනවා" යනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

