හෙද ආචාර්යවරුන්ගේ දීමනාව රු.10,000කින් වැඩි කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
දැනට හෙද ආචාර්යවරුන්ගේ දීමනාව රු.10,000ක් ලෙස පැවති අතර, එම දීමනාව රු.20,000ක් දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබාදුන් බවත්, වැටුප් ගැටලුව හෙද අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ප්රශ්නයක්ව පැවති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දැනට හෙද විද්‍යාලවල ආචාර්යවරුන් 168 ක් පමණ සේවය කරන අතර ඉදිරි වසර 02 ක තුල හෙද සේවාව කිර්තිමත් සේවාවක් බවට පත් කිරීම අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උත්සවයක ඊයේ (13දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.