හිටපු ගුවන් හමුදාපති ලංකා බැංකු සභාපති වෙයි
ලංකා බැංකුවේ නව සභාපති ලෙස එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම RWP, RSP,VSP,USP අද (17දා) වැඩ බාර ගත්තේය.
හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් අබේවික්‍රම කැඩෙට් නිලධාරියකු ලෙස 1980 දී ගුවන් හමුදාවට බැඳුණු අතර, 1982 දී ගුවන් නියමු නිලධාරියකු ලෙස පත්කරනු ලැබීය. ලන්ඩන් කිංග්ස් කොලේජ් වෙතින් ජාත්‍යන්තර අධ්‍යන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති හෙතෙම, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක සරසවියෙන් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (MSC) උපාධියක් ලබා ඇත. එමෙන්ම, ඔහු ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ රාජකීය විද්‍යාලයේ (එක්සත් රාජධානිය) සහ ගුවන් අභ්‍යාස සරසවියේ (ඇමෙරිකා එක්සත් ජනපදය) ස්ටාෆ් කොලේජ් සහ එයාර් කමාන්ඩ් උපාධිධාරියකුද වේ. ඔහු පුහුණු පාඨමලා රැසකට සහභාගී වී ඇති අතර, සුදුසුකම් ලත් පියාසර උපදේශකයකුද වේ.
2011 දී ඔහු ගුවන් හමුදාපති ලෙස පත්කරනු ලැබූ අතර, 2014 ජනවාරි තෙක් එම තනතුරෙහි සේවය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

