නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු හා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා අතර විශේෂ හමුවක් අද (04දා) දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව හා සෞදි රජය අතර, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ශක්තිමත් කරගැනීමට අදාළ කරුණු මෙහිදී අවධානයට ගැනුණු බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එකළොස් දෙනෙකුගෙන් සමන්විත මෙම සෞදි අරාබියානු දූත පිරිසට කුමරයාගේ බිරිඳ ද එක්ව සිටි අතර, ඔවුන් විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැය භාගයක පමණ වේලාවක් සාකච්ඡා කර තිබූ බවද සඳහන් විණි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටීයහ.
.jpg)