ගොවියාට නියත මිලක් ලබාදෙමින් සෝයා බෝංචි වගාවෙන් රට ස්වයංපෝෂිත කිරීමට පියවර ගත යුතු බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
සෝයා බෝංචි වගාරවෙන් රට ස්වංපෝෂිත කිරීම පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පසුගියදා පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
අතිරේක භෝගයක් ලෙස වගාකළ හැකි සෝයා බෝංචි සෘජු පරිභෝජනයට ගත නොහැකි භෝගයක් වන අතර, එය කාර්මික භෝගයක් ලෙස පිළිගැනෙයි. කෙසේ වෙතත් මෙරට පරිභෝජනයට අවශ්‍ය සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 215,000 න්, මෙරට නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් 80,000ක් පමණි.
ඒ අනුව, 2016 වනවිට අවශ්‍ය සම්පූර්ණ සෝයා බෝංචි ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.