අන්තර්ජාතික සේවාදායකයින් සඳහා සේවා සැපයුම් ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා Glowbal Outlets (PVT) සමාගම ඇ.ඩො.මිලියන 10ක ආයෝජනයක් සිදුකර ඇති බව පැවසෙයි.
කටුනායක අපනයන සැකසුම් කලාපයේ මෙම 'කේන්ද්‍රීය මෙහෙයුම්' ව්‍යාපෘතිය පිහිටවනු ලබන බවත්, කේන්ද්‍රීය මෙහෙයුම යටතේ අනුමත කරනලද දෙවැනි ගුදම් ආයෝජන ව්‍යාපෘතිය මෙය බවත්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව සිවිල් ගුවන් සේවා, සාගර කටයුතු, බලශක්ති, දැනුම, වාණිජ කටයුතු සහ සංචාරක ව්‍යපාරය මුල්කොටගත් ආර්ථික කේන්ද්‍රයක් වශයෙන් පරිවර්තනය කිරීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව අනුගමනය කරන අතර, ඒ අනුව, මෙම නව අංශයේ ආයෝජන ව්‍යාපෘති වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉදිරිපත් වී සිටියි.
මෙම ව්‍යාපෘතිවලට බන්දිත ගුදම් ඇතුළු සේවා සැපයුම් සහ එතෙර සහ කලාපීය මූලස්ථාන පිහිටි ආයතනවලට වෙළෙඳ සහ ව්‍යාපාරික සේවා සැපයීම ආදිය ඇතුලත් බවද පැවසෙයි.
Global Outlets (PVT) සමාගම අරඹන ව්‍යාපාරික කටයුතුවලට අන්තර්ජාතික බෙදාහැරීම් සඳහා අන්තර්ජාතික ගනුදෙනුකරුවන්ට ගබඩා පහසුකම් සැපයීම, ගුදම් සැපයීම, භාණ්ඩ ලේඛන කළමනාකරණය, ප්‍රති අපනයන සේවා, එතෙර ගනුදෙනුකරුවන් සඳහා නැව් භාණ්ඩ යැවීම, සේවා අගය එක් කිරීම සහ නිෂ්පාදන ප්‍රති අපනයනය ඇතුලත් බව කියැවෙයි.
මෙම සමාගම ප්‍රධාන වශයෙන් මැදපෙරදිග වෙළෙඳ පොළ කෙරෙහි අවධානය යොමු කරන බවත්, ඉදිරියේදී යුරෝපයට පිවිසීමට බලාපොරොත්තු වන බවත් පැවසෙයි. මෙහි ආයෝජකයින් ලෙබනන් සම්භවයක් සහිත කැනේඩියානු ව්‍යාපාරිකයන් බවද, දැනට ඔවුන් සිය ව්‍යාපාරික කටයුතු ලෙබනනයේ බීරුට් නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන යන බවද පැවසෙයි.
එම සමාගම වෙනුවෙන් රම්සි මම්මවුන්ඩ් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් ජයවීර යන මහත්වරු අදාළ ගිවිසුමට අත්සන් කළහ.