සුරා බදු නව කොමසාරිස් පත්වීමේ සාකච්ඡා සාර්ථකයි
සුරා බදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයකු පත්කර ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡා සාර්ථක වී තිබේ.
සිය දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරියකු ඊට පත් කිරීමෙන් බදු ආදායම වැඩිකර ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වන බව එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
අද (16දා) මුදල් අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව, ජනාධිපතිතුමාගේත් අගමැතිතුගේත් අනුමැතිය සහිතව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නව පත්කිරීම සිදුකිරීමට සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ප්‍රධාන සුරා බදු පරීක්ෂක හා පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් සුරා බදු නිලධාරී සංගමය, සමස්ත ලංකා සුරා බදු සැරයන් හා නියාමක සංගමය, ශ්‍රී ලංකා සුරා බදු නිලධාරී සංගමය, එක්සත් සුරා බදු පරීක්ෂක හා පරීක්ෂකවරියන්ගේ සංගමය, ශ්‍රී ලංකා සුරා බදු මහ සැරයන් හා සැරයන් සංගමය, කාන්තා සුරා බදු නිලධාරීන්ගේ සංගමය, සුරා බදු නියාමක සංගමය සහ සුරා බදු රියදුරු සංගමය නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වී ඇත. මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත් ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයේ ප්‍රධානී වින්ග් කමාන්ඩර් රවී ජයසිංහ මහතා ද ඊට එක්ව සිටි බව මුදල් අමාත්‍යාංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

