ශ්‍රී ලාංකීය ජනතාවට වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමේ අරමුණින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානය එක්ව ආරම්භ කරන ලද 'සෙත් සුව මැදුර' සුරක්ෂිත ආහාර මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගිය 29වැනිදා පෙරවරුවේ විවෘත කෙරිණි.
මෙහිදී, පෝෂණ කරුණු පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් එළිදැක්වුණු www.healthysrilanka.lk වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර, ප්‍රවීන සූපවේදී පබිලිස් සිල්වා මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද සිදුවිය.
සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය දරණාගම කුසලදම්ම හිමිපාණන් වහන්සේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල ජයතිලක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය යන මහත්වරැන්ද, ත්‍රිවිධ හමුදාපතිවරැන් හා පොලිස්පතිතුමා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.