ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සි.ජේ.පී. සිරිවර්ධන මහතා පසුගිය 19දා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකු නියෝජ්‍ය අධිපති තනතුරකට පත්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මෙම පත්කිරීම සිදුකර තිබේ.
වසර 31කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සී.ජේ.පී. සිරිවර්ධන මහතා, ආර්ථික හා මිල ස්ථායීතාව, මූල්‍ය පද්ධති ස්ථායීතාව සහ අනෙකුත් නියෝජිත කාර්යයන් පිළිබඳව විශේෂ පළ පුරුද්දක් දරන බව මහ බැංකුව පවසයි.
සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර රාජ්‍ය ණය, තොරතුරු තාක්ෂණ, නීති හා අනුකූලතා, සාර්ව විචක්ෂණතා අධ්‍යයන, මානව සම්පත්, ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ, ගෙවීම් හා පියවීම් සහ අවදානම් කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා විය.