සියලුම දිවිනැගුම ප්‍රජාමූල බැංකු නවීකරණය කිරීමට පියවර ගන්නා ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මිය වෙත උපදෙස් ලබාදී තිබේ.
දිවිනැගුම ප්‍රජාමූල බැංකු 1,074ක් හා බැංකු සංගම් 331ක් දිවයින පුරා පවතින අතර, ඒවායින් තෝරාගන්නා ශාඛා 200ක් ඉදිරි මාස 02ක ඇතුළත මෙසේ නවීකරණය කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
දිවිනැගුම බැංකු බහුතරයක් පසුගිය කාලයේ පාඩු ලබා ඇති නිසා නව ලොවට ගැළපෙන පරිදි සෙසු වාණිජ බැංකු හා තරගකාරී මට්ටමින් කටයුතු කර ලාභ ලබාගැනීමේ අරමුණ ඇතිව දිවිනැගුම බැංකු ජාලය කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා නව දැක්මකින් යුතුව කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.