PlayStation®4 (PS4) මෙරටට හඳුන්වා දීම සිංගර් ශ්‍රී ලංකා සමාගම පසුගියදා සිදුකළේය. PlayStation®4 මගින් වීඩියෝ ක්‍රීඩාලෝලීන් හට උසස් තාක්ෂණය, සුපිරි ග්‍රැෆික් සමගින් සැබෑ ක්‍රීඩා අත්දැකීමක් ලබා දෙයි.
8-core x86-64 AMD CPU එකකින් සහ 8GB GDDR5 RAM එකකින් මෙන්ම හාර්ඩ් ඩ්‍රයිව් එකකින් ද PS4 නිෂ්පාදනය සමන්විතය. ටච් සෙන්සිටිව් තාක්ෂණයෙන් යුත් මෙය 2.8 kg ක බරකින් සහ සිහින් නිමාවකින් යුතු වේ.
තමන්ට අවශ්‍ය ඕනෑම මොහොතක තමන් ක්‍රීඩා කරන ක්‍රීඩාව නතර කර වෙනත් දිනයක, වෙනත් වේලාවක තමන් නතර කළ තැනින් නැවත ක්‍රීඩාව ආරම්භ කිරීමේ පහසුව මෙහිදී ලබා දී තිබේ.
වයස් සීමාවකින් තොරව ඕනෑම අයෙකුට විනෝද විය හැකි මෙම නවතම හඳුන්වාදීම වයස අවුරුදු 12 සිට 16 දක්වා දරුවන්ගේ විශේෂ ආකර්ෂණය දිනා ගනු ඇත. PS4 කොන්සෝලය, පාලකය සහ ක්‍රීඩා දෙකක් සමග සමස්ත කට්ටලය රු. 120,999/- කට මිලදී ගත හැකිය. කැමරාව නොමැතිව PS4 කට්ටලය රු. 79,990/- කට මිලදී ගත හැකි අතර එය ක්‍රෙඩිට් කාඩ් මගින් වාරික 36 දක්වා ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැකිය.