මූල්‍ය ක්ෂේත්රයේ අංශ රැසක වෘත්තිකයන් සිය ගණනක් සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ආයෝජන සමුළුව පසුගියදා සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර, එය මෙරට ආර්ථිකය සවිමත් කරන සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නක් බවට පත්ව තිබේ.
එහිදී, ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනයක් සහිත රටක් ලෙසින් ස්ථානගත වීම පිණිස ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව වර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජකයන්ගේ විශ්වසනීයත්වය ගොඩනැගීම පිණිස මෙම සමුළුවෙන් දැවැන්ත මෙහෙයක් සිදුව ඇති අතර, මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වාණිජ ක්ෂේත්රයේ කීර්තිමත් පුද්ගලයන් කිහිප දෙනෙක්ද සහභාගී වී තිබේ.