2016 සැප්තැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 577.9ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 1.1% ක සුළු පහළ යෑමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙවර මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ අදහස් දක්වමින් අද (01දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
කෙසේ වෙතත්, 2016 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 5,382.0 ක් ලෙස වාර්තා වන අතර, එය 3.9% ක වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.