දත්ත සඳහා රජයේ 10% ක බද්ද සම්පූර්ණයෙන් ඉවත් කරමින්, සමාගම්වලටත් 10%ක දත්ත වැඩිපුර පාරිභෝගිකයන්ට ලබාදෙන්න යැයි කියා සිටි නිසා සැප්තැම්බර් 01දා සිට 20%ක දත්ත ප්‍රමාණයක් වැඩිපුර ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
"අපේ ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අපි තරුණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම සඳහා සහන ලබාදුන්නා. නව ලොව තුළ ව්‍යාපාර ක්ෂේත්රයට පිවිසෙන තරුණයන් මුහුණදෙන ප්‍රධානතම ගැටලු දෙක තමයි සන්නිවේදන ගැටලුව සහ ප්‍රවාහන ගැටලුව. ස්මාට් ජංගම දුරකතනය කියන්නෙ අද හැමෝම ළඟ තියෙන දෙයක්. නමුත් දත්ත පාවිච්චි කිරීමේදී මිල ටිකක් වැඩියි. ඒ නිසා රජය අය කළ 10%ක දත්ත බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. එය සම්පූර්ණයෙන් ඉවත් කළා විතරක් නෙවෙයි, අනෙක් පැත්තෙන් අපි 10%ක් අඩු කරන නිසා දුරකථන සමාගම්වලටත් 10%ක දත්ත වැඩිපුර පාරිභෝගිකයන්ට ලබාදෙන්න කියා අප කියා සිටියා. ඒ අනුව සැප්තැම්බර් මස 01 වැනිදා සිට 20%ක දත්ත ප්‍රමාණයක් වැඩිපුර ලැබෙනවා. ඒ වගේම, කුඩා ලොරි රථවල මිල ලක්ෂ තුනකට වැඩි මුදලකින් අඩු කළා. සිලින්ඩර් ධාරිතාව 150 දක්වා වන යතුරුපැදි මිල අඩු කළා. ඒ තුළිනුත් රු.50,000/- සිට රු.ලක්ෂය දක්වා සහනයක් ලැබෙනවා." මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසා කීය.