ස්පෙකියුලෝ ජයග්‍රාහකයන්ට ශ්‍රී ලංකන් සමාගමෙන් සම්මාන
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සංවිධානය කරනලද 'ස්පෙකියුලෝ 2017' සම්මාන ප්රදානය පසුගිය 04දා කොළඹ රමාඩා හෝටලයේදී පැවති අතර, මෙම උත්සවය සඳහා සම්මානලාභී ශිල්පීන් හා වෘත්තීය කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. පාසල් හා විවෘත අංශවලින් තෝරාගත් චිත්‍ර ශිල්පීන් 10 දෙනෙකුටද, වෘත්තීය චිත්‍ර ශිල්පීන් 15 දෙනෙකුටද මෙහිදී සම්මාන, කුසලාන, ත්‍යාග හා සහතිකපත් ප්රදානය කරනු ලැබීය.
මෙහි පාසල් අංශයේ ජයග්‍රාහකයන් වූයේ ගයාෂානි දිසානායක (සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 7), කවීෂා කේ. වීරසිංහ (දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 8), සහ එන්.ඒ. ඔමාල් සාලිකආරච්චිගේ (ඩී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ 08) ය. විවෘත අංශයෙන් තිලක් පුෂ්පකුමාර, එස්.ඒ. එරංග ශ්‍රීමාල් සහ චාමර ප්‍රසාද් දීයමුල්ල පළමු වැනි ස්ථාන තුන සඳහා සම්මාන ලදහ. වෘත්තීය අංශයේ ත්‍යාග පිළිවෙළින් ශානක කුලතුංග, බැසිල් කුරේ සහ ඉෂාන් සේනක හේවගේ විසින් දිනාගන්නා ලදී. මෙරට ජ්‍යෙෂ්ඨතම චිත්‍ර ශිල්පියෙකු වන ආචාර්ය එච්.ඒ. කරුණාරත්න කලාකරුවා වෙත විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමද මෙහිදී සිදුවිය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

