මෙරට ඉතා වේගයෙන් පුළුල් වෙමින් පවතින තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට අවශ්‍ය සයිබර් ආරක්ෂකයන් පුහුණු කිරීමට පියවර ගෙන තිබේ.
පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් මානව සම්පත සවිබල ගැන්වීමට කටයුතු කරන ප්රමුඛ ආයතනයක් වන අයිසාකා (ISACA) ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.
තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ දැනට නිරතව සිටින්නන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට මෙම පුහුණු පාඨමාලා අවස්ථා ලබාදෙන බව නියෝජිතායතනය පවසයි.
තොරතුරු පද්ධති විගණන පාඨමාලාව (CERTIFIED INFORMATION SYSTEMS AUDITOR), තොරතුරු ආරක්ෂණ කළමණාකරන පාඨමාලාව (CERTIFIED INFORMATION SECURITY MANAGER) සහ පරිගණක ආරක්ෂණ මූලධර්ම (CYBER SECURITY NEXUS FUNDAMENTALS) යන පාඨමාලා මෙයට අයත් වේ.
මේ යටතේ මෙම වසර අවසාන වනවිට වෘත්තීය නිපුණතාවයෙන් හෙබි සයිබර් ආරක්ෂකයන් 1,000ක පමණ පිරිසක් ක්ෂේත්රයට අවතීර්ණ කිරීමට හැකිවෙතැයි නියෝජිතායතනය අපේක්ෂා කරයි.
ලෝකයේ සයබර් ආරක්ෂාව තර්ජනයට ලක්වෙමින් පවතින අවධියක ඊට පිළියම් යෙදිය හැකි වෘත්තීය මට්ටමේ ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාවටද සිටීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු සචින්ද්‍ර සමරරත්න මහතා පවසයි.
මෙම පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත සහතික පතක් ලබාගැනීමට හැකි විභාගවලට පෙනී සිටීමේ හැකියාවක් ලැබෙන බවත්, වර්ෂ 2020 පමණ වනවිට ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට සයිබර් ආරක්ෂකයන් 12,000ක පමණ පිරිසක් අවශ්‍ය වන බවද මේ වනවිට ගණන් බලා ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය වැඩිදුරටත් පවසයි.