සමුද්‍ර දූෂණයට එරෙහි සහායක මෘදුකාංගයක්
	 ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දූෂණය වීම වැළැක්වීම සඳහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දූෂණය වීම වැළැක්වීම සඳහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ICTA සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඒකාබද්ධව මෙම මෘදුකාංගය සකස්කර ඇති අතර, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නෞකා පිළිබඳව කලින් තොරතුරු දැනගනිමින්, එම නෞකාවල තිබෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ කටයුතු වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ලෙස සිදුකිරීමට මෙම මෘදුකාංගය මගින් හැකිවන බව නියෝජිතායතනයේ ඉ-සේවා ව්‍යාපෘති ප්‍රධානී කාංචන තුඩුගල මහතා පවසා සිටියේය.
තවද, නෞකාවන්හි සමබරතාව ආරක්ෂාකර ගැනීම සඳහා ගබඩාකර තැබෙන ජලය ඉවත් කිරීම සහ නැවත පුරවා ගැනීමේ කටයුතු වෙනුවෙන්ද මෙම මෘදුකාංගය උදව් කරගත හැකි බව තුඩුගල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
වසරකට ශ්‍රී ලංකාවට නෞකා 5,000ක් පමණ පැමිණෙන බවත්, ඉන් 1,000ක් පමණ නෞකා මෙරටදී අපද්‍රව්‍යය බැහැර කරන බවත් එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 20,000ක් පමණ වන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                